Wednesday, August 18, 2010

මළ විකාර

සමාජය විවිධාකාරය. මිනිස් චින්තනයද විවිධාකාරය. මිනිසාගේ අභ්‍යන්තර මනස කිසිවෙකුටත් හඳුනාගත නොහැකිය. බොහෝවිට තමාටම අභ්‍යන්තර මනස කෙසේ වෙතත් බාහිර මනසවත් හඳුනාගත නොහැකිය. බාහිර මනසින් අප යමක් කලත් බොහෝවිට ක්‍රියාත්මක වන්නේ අපේ අභ්‍යන්තර මනසයි. වර්තමාන සමාජයේදී බොහෝවිට කිසිදු අර්ථයක් නොමැති ක්‍රියාවන් පවතී. මේවායින් සමහරක් අද අපගේ සම්ප්‍රදායන් බවටද පත්වී තිබේ. ඒවා වෙනස් කිරීමට ඉතාමත් අපහසුය. මෙම සිදුවීම්ද විශාල වශයෙන් සමාජය තුල සිදුවේ. ඉන් සිදුවීම් 4ක් ගෙනහැර දක්වමි.

අප යම් වචනයක් භාවිතා කල යුත්තේ ඒ තැනට ගැලපෙන අයුරිනි. එමගින් කිසිවෙකුගේ උපහාසයට ලක්වීම ගෝචර නොවේ. මීට කලකට පෙර මා මිතුරෙකුගේ මවකගේ අවමංගල්‍යයකට සහභාගී වූ අයුරු මතක තිබේ. එයට මාගේ මිතුරාගේ තවත් මිත්‍රයෙකු පැමිනියේය. කොණ්ඩය පාට කර අමුතුම පිටසක්වල ජීවියෙකු ලෙස ඔහු සිටියේය. කැඩුනු සිංහලෙන් අමුතුම මන්ද බුද්ධික ආකාරයකට මාගේ මිතුරා සමඟ වචන කිහිපයක් ඔහු හුවමාරු කර ගත්තේය. 
"අම්මා එක පාරටම මචං නැතිවුනේ. මට දැනෙන්නෙ අම්මා තවමත් අපි අතරෙ ඉන්නවා වගේ" යනුවෙන් මගේ මිතුරා පැවසූ අතර, එක්වරම අර පිටසක්වල ජීවියා පැවසූයේ,"So Cool මචං" ලෙසය. මාගේ මිතුරාට යක්ෂයා ආරූඪ වූයේ එවිටය. අප කිහිප දෙනෙකු ඔහුව පාලනය නොකරන්නට එතැන තවත් මරණයක් සිදු වීමට ඉඩ තිබුනි.
එමෙන්ම facebook වල මීට කලකට පෙර "WE NEVER EAT BEEF" ලෙස සංවිධානයක් තිබුනි. එහි එක්තරා වීඩියෝවක තිබුනේ ගවයෙකු මරන දර්ශනයකි. ඊට යටින්ද මිනිස් වෙස් ගත් අමනයෙකු විසින් "COOL" ලෙස ලියා තිබුනි. කොහේ හෝ ඉංග්‍රීසි වචන කෑල්ලක් අල්ලාගෙන නැටීමෙන් මෙවැනි තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

18වන සියවසයේ බ්‍රිතාන්‍යයේ මංමාවත්, දුම්‍රිය වාර්ග ඉදිකිරීම් ඉතා විශාල වශයෙන් සිදුවිය. අධික ශීතල සහිත ප්‍රදේශවල සේවය කරන කම්කරුවන් කලිසම් කමිස හැඳ ඊට උඩින් කෝට් 1ක් දමා පපු ප්‍රදේශයට සුළං නොවැදීමට ටයි පටියකින් එය ආවරණය කර ගත්හ. ධනවත් පන්තියක වැදගත් මහතුන්ගේ ඇඳුමෙහි මූලාරම්භය එයයි. මහ දවල් අධික උණුසුමක් පවතින දිනයන්හිදී මෙම ඇඳුමින් සැරසීමටද බොහෝ දෙනෙක් පසුභට නොවේ. (මමද අනන්තවත් වාරයක් ඉතා නොසන්සුන්ව එසේ කර ඇත.) ඒ එම ඇඳුම සමාජයේ මුල් බැසගෙන තිබෙන නිසාය. ඒවා වෙනස් කිරීම කිසිවෙකුටත් කල නොහැකිය.

යටත් විජිත සමයේ බොහෝ අප්‍රිකානු රටවල ඉංග්‍රීසි ජාතිකයන් ගීත ගායනා කරන විට කළු අප්‍රිකානුවන් මැද්දට පැන අසභ්‍ය වචනයෙන් බැනගෙන ගියහ. එමඟින් "RAP" ලෙස හැඳින්වෙන එක දිගට සංගීත නාදයක් මැද වචන කියාගෙන යන "උතුම්" සංස්කෘතිය බිහිවිය. පුරුෂ පක්ෂයට අයත් නොවන නිසා අදාල අවයවයන් වැටෙන්නට යද්දී ඒවා අල්වා ගැනීමට මහත් වෙහෙසක් දරමින්, මෙම "උතුම්" සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට වෙර දරන මැරයන් යැයි කියාගන්නා අමන මල්ලිලාත්, රෝස මල් සමනලුන්ටත් වඩා අහිංසක මල්ලිලාත් බිහිවූයේත්, බිහිවන්නේත් මේ හේතුවෙනි.

ජගත් සංවිධානවලද සමහරවිට යම් සංකේතයක් සඳහා යොදා ගන්නේ කිසිදු වැදගත්කමක් නැති අදාල තැනට කොහෙත්ම නොගැලපෙන සංකේතයි. එයට හොඳම උදාහරණයනම් සාමයේ සංකේතය ලෙස පරෙවියා යොදා ගැනීමයි. තම වර්ගයේ එවුන් සමඟවත් කිසිදු සමගියක් සාමයක් නොමැතිව නිතරම කලහකාරීව හැසිරෙන පරෙවියා සාමයේ සංකේතය ලෙස යොදාගන්නා ලෝකයක අන් දේවල් ගැන කවර කතාද යන්න සිතිය යුතු කරුණකි

1 comment:

  1. "මළ විකාර" ලිපියේ අදහස කෙසේ වුවත් දාල තියෙන පින්තූරයේ අර්ථය නම් හොදයි මේක හරියට හිතේ පිහිටියොත්...Beauty Salon කාරයෝ බංකොලොත් වෙයි,ආයෙමත් මූණෙ ගාණ අලිපේර,ගස් ලබු,පිපිඤ්ඤා කෑමක් වෙයි... ලස්සන වීමේ උණ බෑහෑලා යයි.... කොල්ලො දෑනගනී පෑණි වරකා ගස් වලටත් හෙණගහන බව. ඒ කොච්චර උනත් පාරේ යනකොට ලස්සන 1 ක් දෑක්කම හෑරිලා බලයි හිතෙන්නෙ නෑනෙ හිනා වෙන්නෙ ඈට සෑකිල්ලක් කියල මොකද? ඍෂිවරු දීපු ඡවි කල්යාණයෙන් වෑහිලනෙ...... ඈටසෑකිලි විකාර කවදා ඉවර වෙයිද? මන්දා............

    වෑඩේ ලස්සනයි!! හොද Sinhala Blogger කෙනෙක්ගෙ පෙරනිමිති තියෙනවා. මගේ සුබ පෑතුම් ..... හෑබෑයි මලේ බවලත් උදවියගෙන් නරක ලෑබෙයි(මොනවද? මේ මූසල පින්තූර කියල).... මටත් එහෙම 1 උනා ඔය රූපය ගෑන ඔහොම දාල...

    ReplyDelete