Monday, October 4, 2010

පව්කාරයෝ - 1.2:- නොතලන් මල් කැකුළු - ශ්‍රී ලංකාවේ ළමා ගණිකාවෝ



භාග්‍යා වයස අවුරුදු 11ක් පමනවූ දියණියකි. ගොවි යුවලකට දා ඇය උපන්නේ මව්පිය රැකවරණය නොඅඩුව ලබමිනි. ඇය වැඩෙත්ම රුවින්  නැණින් පොහොසත්වූ නිසා ගුරු දෙගුරුන් සිතුවේ ඇය සමස්ත දේශයටම වාසනාවක් බවය. නමුත් නමින් භාග්‍යා වුවත් ඇගේ ජීවිතයනම් භාග්‍යමත් වූයේ නැත. රුවින් පොහොසත්වූ මෙම සුරංගනාවිය දෙස වරක් බැලූ අයෙකු නැවතත් හැරී බලන්නට වූයේ ඈ ඒතරමටම ආකර්ශණීයවූ බැවිනි. යොවුන් ප්‍රේමයේ බීජයන් ඇගේ මනස් ගර්භයෙහි වැඩෙන්නට වූයේ මෙනිසාවෙනි.
පාසල් යෑම නතර කර තම ව්‍යාපාරයක් කර ගනිමින් සිටි චාමර ඇගේ ප්‍රේමය උදුරා ගැනීමට සමත්විය. භාග්‍යා තම සීමාවන් ඉක්මවා ගියාය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ මව් තුරුළින් නික්ම යෑමටත් පෙර ඈ ගැබ් ගැනීමයි. මේ බව දැනගත් ඇගේ දෙගුරුන්ගේ සිතෙහි තිබූ ආදරය වෛරයකට පෙරළිනි. අම්මාගේ මනස විකෘතිවූ අතර තාත්තා දඩි ආවේගශීලී වී ඈ නිවසින් පන්නා දැමීය. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් චාමර ඈ හට කල යෝජනාවට එකඟ වනවා මිස අන් විකල්පයක් ඈ සතු නොවීය. මුලින්ම ඔබේත් මගේත් මවිල් කෙලින් කරවන ඒ බිහිසුණු ගබ්සාවට මුහුණ දුන් ඈ ඉන්පසු තෝරා ගත්තේ යමෙකු මෙලොවදී ඇසීමට අකමැතිම රකියාවයි. ඒ ළමා ගණිකාවක සේ කටයුතු කිරීමයි.
ආදරණීය මිතුරනි, මා ඉහත විස්තර කරන ලද්දේ ළමා ගණිකාවක් බවට දරුවෙකු පත්විය හැකි දහස් ගනන් ක්‍රම අතුරින් එකක් පමනි. දැන් මෙය සවිස්තරාත්මකව විමසා බලමු.

ළමා ගණිකා ව්‍යාපාරය.
අප දේශයේ පිනට උපන් මහාචාර්ය රත්නපාලයන්ගේ අර්ථ දැක්වීම් වලට අනුව, ළමයෙක් ලිංගික සේවයේ යොදවා එය එතැනින් නතරවූ විට ළමයා ගණිකා තත්වයට පත්වන්නේ නැත. උවමනාවෙන්ම ළමයා එහි නැවත නැවතත් යෙදවූයේනම්, එය ළමයාගේ ජීවිතයේ අංගයක් වේනම් ළමයා ගණිකාවක් බවට පත්වේ. මෙය ළමා ගණිකා ව්‍යාපාරයේ මූලික හැඳින්වීමයි. ඔබේත් මගේත් මෙන්ම නීතියේද ඇස් වලට වැලි ගසා ඇතැම් අමනයන් විසින් සිදු කරගෙන යනු ලබන්නේ මේ මහා විනාශයයි.........

දරුවන් ඈඳා ගනු ලබන ක්‍රම
ආදරණීය අම්මේ තාත්තේ, ඔබේ දරුවාට කිසියම් අයෙකු වඩාත් ළං වෙන්නට හදන්නේ නම් මේ මොහොතේ සිට හෝ විමසිලිමත් වන්න. පව්කාරයන් විසින් විටෙක ඔබට සදෘශ්‍යමානවද, විටෙක ඔබට අදෘශ්‍යමානවද මෙම බිහිසුණු පාපය සිදු කරති. 
දිළිඳු දෙමාපියන් රවටා දරුවාට යහපත් අනාගතයක් උදා කර දෙන බවට කියමින් ඇතැම් නෝනා මහතුන් දරුවන් කැඳවාගෙන යති.
දරුවාට ආදරය කිරීමෙන් දරුවා තම ජීවිතයේ කොටසක් ලෙස සලකන තෙක්ම.
දරුවාට අධ්‍යාපනයට උදව් කිරීමෙන්, දරුවාගේ ක්‍රීඩා ආදීන්ට උපකාර කිරීමෙන්, මොවුන් ඔබටත් රහසෙන් ඔබේ දරුවා පව් කන්දරාවකට ඇද දමති.
එමෙන්ම විටෙක ඔබට අදෘශ්‍යමානව,
දරුවාට ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් මාධ්‍යයන් ප්‍රදර්ශනය කිරීමෙන්ද,
මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට දරුවා හුරු කරවීමෙන්ද, මොවුන් ඔබේ දරු පැටවාගේ ජීවිතය විනාස කර දමති.

ප්‍රතිඵල බිහිසුණුය.
 මා ඉහත සඳහන් කල කවර හෝ ක්‍රමයක් මාර්ගයෙන් දරුවා මෙම පව්කාර හස්තයට හසු වුවහොත් ඉන් පසු ඇතිවන ප්‍රතිඵලනම් බිහිසුණුය.
1. ළමා ගණිකා ව්‍යාපාරය පිළිකාවක් බඳුය. එනම් එක් තැනකින් පටන්ගෙන සීඝ්‍රයෙන් ව්‍යාප්තවී සම්පූර්ණයෙන්ම විනාශවීමයි. දරුවා මේ සඳහා ඇබ්බැහි වුවහොත් ඔහුගේ මිතුරන්ටද අත්වන්නේ එබඳුම ඉරණමකි. බොහෝවිට සංවිධායකයන් විසින් දරුවාව ඒ සඳහා පොළඹවනු ලබයි. මුදල් පිරිනැමීම මඟින් ආදියෙන් මෙසේ කල හැකිය. එවිට වඩාත් එම ප්‍රතිලාභ ගනීම සඳහා දරුවා තම සගයන්වත් හොඳින් හෝ නරකින් මෙහෙයවනු ලබයි.
2. දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම. අනුග්‍රාහකයන් විසින් දරුවාට මත්ද්‍රව්‍ය ආදිය ලබා දීම නිසා ඒවාට ඇබ්බැහිවීමෙන් එය පසු කලෙක සමාජගත පිළිකාවක් බවට පත්වේ. (මතුවට රචනා කරන "කළු කුහරය" සටහන් පෙළෙහි මේ පිළිබඳව විස්තර කරමි.)
3. විවිධ මානසික ව්‍යාකූලතාවයන්ට භාජනය වීම. මෙම අවාසනාවන්ත දරුවන් අධික කම්පනයන්ට භාජනය විය හැකිය. එහි ප්‍රතිඵලයන් වශයෙන් මානසික රෝගීන් බවට පත්වීම ආදියද, ඇතැම්විට එය සියදිවි නසා ගැනීම් දක්වාද වර්ධනය විය හැකිය.
4. අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් මඟින් විවිධ ලිංගික රෝග හා අසාමාන්‍යතාවයන්. HIV - AIDS, සුදු බිංදුම, ගොනෝරියා, සිෆිලිස්, ලිංගික ඉන්නන් ආදී රෝග ඇතිවිය හැකිය. AIDS මඟින් මරණයද පවා සිදුවිය හැකිබව ඔබ අප කවුරුත් හොඳින් හඳුනන කරුණකි. එමෙන්ම පසු කලක ලිංගික බෙලහීනතා ඇතිවීම, තම සහකරු සමඟ අසාමාන්‍ය ලිංගික චර්යාවන් සඳහා යොමු වීමෙන් ලිංගික අසමබරතාවය අතිවීම ආදිය මෙමඟින් සිදුවිය හැකිය.
5. ධනවත් වීමට ලැබුනොත් තවත් ව්‍යාප්ත කිරීම.

ළමා ගණිකා ව්‍යාපාරයට හේතුන්.
මේ සඳහා හේතූන් විශාල ගනනක් තිබිය හැකි මුත් පහත හේතූන් නිශ්චිතවම හඳුනා ගත හැකිය.
1. දෙමාපියන්ගේ දරිද්‍රතාවය.
2. දෙමාපියන්ගේ බීමත්කම.
3. නොදැනුවත්භාවය.
4. යහපත් ආගමික පසුබිමක් නොමැතිවීම.
5. මිතුරන් වෙසින් සිටින සතුරන් රැලක් දරුවාට සිටීම.
6. දෙමාපියන් දරුවා පිළිබඳව නොසැලකිලිමත් වීම. අධික කාර්යබහුලවීම නිසාඅද, දරුවාව අනවශ්‍ය පරිදි විශ්වාස කිරීම නිසාද මෙසේ සිදු විය හැකිය.
7. පව්කාර මර උගුල් වලට දෙමාපියන් හසු වීම.
8. වර්තමාන තාක්ෂණික දියුණුව. අන්තර්ජාලය ආදී පහසුකම් මඟින් මෙම ක්‍රියාවන් සඳහා රුකුල් දේ.

ජාත්‍යන්තර තත්වය.
ළමා ගැහැණු ගණිකාවන් අවශ්‍යනම් තායිලන්තයටත්, පිරිමි ගණිකාවන් අවශ්‍යනම් ශ්‍රී ලංකාවටත් යා යුතු බව මෙම "මහතුන්ගේ" අදහසයි. "රිදී වෙරළේ රත්තරන් කොල්ලන්"ලෙස ඔවුන් හඳුන්වති.
මුහුදු තීරයේත්, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර ආදී අභ්‍යන්තර ප්‍රදේශ වලත් මෙම උවදුර පැහැදිලිව දෘශ්‍යමානවේ.
නෝර්වේ, පින්ලන්තය, ස්වීඩනය, ජර්මනිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ස්වීඩනය යනාදී රටවලින් පැමිනෙන දානපති නෝනා මහතුන් සිදු කරන්නේ මෙම ක්‍රියාවයි. උඩින් දයාවේ නාමයට මුවාවෙමින් සුභසාධනයන්ට මුවාවෙමින් මෙවැනි බොහෝ සල්ලිකාර ජඩයන්ගේ උපක්‍රමය වන්නේ අපේ රත්තරන් දරු පැටවුන් විනාශ කිරීමයි.

නිමක් නොමැති පව්.
මෙම පව්කාරයන් මේ අහිංසක පැටවුන් පෙළන ආකාරය පිළිබඳව සටහනක් තබමි. එනම් මොවුන්ගේ පව්කාරකම් වල ක්‍රමයන්ය.
1. පූර්ණ ලිංගික සංසර්ගය.
2. කලවා මාර්ගික සංසර්ගය.
3. හස්තෝපකරණ ක්‍රමය.
4. මුඛ මාර්ගික සංසර්ගය.
5. ගුද මාර්ගික සංසර්ගය.
එමෙන්ම පහත සඳහන් ක්‍රමයන් බලන්න.
දරුවාට වේදනාත්මක ක්‍රියාවන් සිදු කිරීම. උදාහරණ වශයෙන් පහර දීම, කැපීම, ලිංගික ප්‍රදේශ පිළිස්සීම, ලිංගික ප්‍රදේශයන්ට විදුළි සැර වැද්දවීම යනාදිය පවා මේවායේ සිදුවන බව ඔබ දන්නවාද?

වලක්වන්නේ කෙසේද?
 1. ළමා අපයෝජකයාට කිසිදු තරාතිරමක් නොබලා දැඩි දඬුවම් පැමිනවීම.
2. අපයෝජිත සහ අපයෝජක දරුවන් පුනරුත්තාපනය කිරීම. - මෙහිදී රැඳවුම්, පරිවාස, අනාථ. බන්ධනාගාර, පොලීසි සහ සමාජය මඟින් නැවත නැවතත් මානසික අපයෝජනයට පත් නොකල යුතුයි. මෙම දරුවන්ට ආදරයෙන් මෙම කරුණු පැහැදිලි කල යුතුයි.
3. ළමා මනෝ විද්‍යාඥයන් මඟින් ළමා අපයෝජක කටයුතු විමර්ශනය කිරීම.
4. පාසල් මඟින් දරුවන්ගේ ලිංගික අවබෝධය වැඩි කිරීම.
5. ළමා උපදේශක සේවා මධ්යස්ථාන ඇති කිරීම.
6. නිල් චිත්‍රපටි හා සඟරා ආදිය පිළිබඳව දරුවන්ට විද්‍යානුකූලව පහදා දීම.
7. සංචාරකයන් ආශ්‍රිතව දරුවන්ට තහනම් කලාපයන් කිරීම, වීදි දරුවන් පුනරුත්තාපනය කිරීම.
8. වර්තමානයේ දරුවන්ගේ ලිංගික හැඟීම් අවුස්සන සුළු නිර්මාණ සියල්ල තහනම් කිරීම සහ නිර්මාණකරුවන්ට දැඩි දඬුවම් පැමිනවීම. චින්ති ආදී මානසික රෝගීන් මේ සඳහා නිදසුන් වේ.
9. සියළුම දරුවන්ට පාසල්වල ආත්මාරක්ෂක ක්‍රීඩාවක් නියමිත ලෙස කුඩා කල සිට පුහුණු කල යුතුයි. එමඟින් දරුවාගේ පෞරුෂත්වය වර්ධනය වනවා සේම මෙම පව්කාරයන්ගෙන් බේරීම සඳහා දරුවාට උපකාරයක්ද වේ.

අම්මේ තාත්තේ මේ ඔබේ අවධානය පිණිසයි!
නිවසේ මෙහෙකාරිය සමඟ සිය සිඟිති පුතු තනිකර ගිය අවස්ථාවේදී නිවසේ උන් පව්කාර මෙහෙකාරිය විසින් ඔහුගේ ශිෂ්ණය තියුණු පිහියක් මඟින් කපා දමා තම ලිංගික ආශාවන් ඉටු කර ගත් බව ඔබ දන්නවාද?
කරුණාකර ඔබ පහත කරුණු පිළිබඳව ඔබේ දැඩි අවධානය යොමු කරන්න.
# පිටස්තර ඕනෑම අයෙකු ඔබේ නිවසේ නතර වන විට ඔබේ දරු පැටවා පිළිබඳව විමසිලිමත් වන්න.# වෙනත් කිසිදු නිවෙසක දරුවාට නිදි සුව ලබා දෙන්නට එපා.
# වෙනත් කිසිදු වැඩිහිටියෙකු සමඟ දරුවා නිදි කරවන්නට එපා.
# දරුවා සමඟ ඔහුගේ ලිංගික ගැටළු සාකච්ඡා කරන්න. එමෙන්ම යොවනෝදයත් සමඟ ඔහු ස්වයං වින්දනයේ යෙදෙනවා දුටුවහොත් එය නොදැක්කා සේ ඉන්න. එයට දරුවාට බැන වැදී දරුවාගේ මනසට පීඩනයක් ඇති කිරීමට සිහිනෙකින්වත් නොසිතන්න.

අවසානය.
කොටස් දෙකකින් යුතු මෙම දීර්ඝ සටහන අනන්තය ඔස්සේ සාකච්ඡා කල හැකිය. නමුත් එය මෙතැනින් සීමා කරමි.
ආදරණීය මිතුරනි, අපගේ දරුවන් යනු හෙට දින අපගේ ලෝකයයි. විවිධාකාර අධම හස්තයන් අතින් අද වන විට අපේ දරු පැටවුන් විනාශ මුඛයට ඇදී යමින් සිටිති. ඒ අය බේරා ගැනීම අපගේ ප්‍රධානතම වගකීමයි. ස්ථාවර පවුල් ජීවිතයක් මඟින් අප සියළු දෙනාටම මෙය පහසුවෙන් කල හැකිය. එමන්ම ආගමික නැඹුරුව කෙරෙහි දරුවන් යොමු කිරීම මඟින්ද, නිවැරදි සමාජගත කිරීම මඟින්ද මේ සඳහා රුකුල් ගත හැකිය. අප දරු පැටවුන්ට ඔවුන්ගේ ස්වකීය චින්තනය තුල ජීවත් වීමට ඉඩ හැරිය යුතුය. නමුත් ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් පසු විය යුතුය.

 ළමා ගණිකා ව්‍යාපාරය මා කලින් සඳහන් කල ආකාරයට පිළිකාවක් බඳුය. එනම් එක් අයෙකු මාර්ගයෙන් ඉතා පහසුවෙන් අන් අයටත් පැතිරේ. මෙම රුදුරු පිළිකාවෙන් අපගේ දරු පැටවුන් බේරා ගැනීමට අප මේ මොහොතේ පටන් සිහි තබා ගත යුතුයි. නැතහොත් මතුවට විනාශ වන්නේ අපේ රත්තරන් දරු පරම්පරාවයි! අපේ අනාගතයයි! අපේ උරුමයයි!

No comments:

Post a Comment